නිදහසේ හිතන්න ,නිදහසේ ලියන්න ඔබේ මනසත් මානසික ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඇත්නම් අවසරයි මගේ බිම් කොටසේ සැරිසරන්න

Saturday, September 17, 2011

වස්සානයට තවත් කතාවක්...!!!

පස්වෙනි දිගහැරුම ...................

                                                ඉර බහින එක ,පායන එක ජිවිතේ සදාකාලික සත්‍යක්‌ උනාට මුළු ජිව්තේම කළුවර වෙච්චි හිතවල් නම් කොච්චර තියනවද?දවස් ගණන් ගෙවිල ගියත් මගේ ජීවතේ මහලොකු වෙනසක් උනේ නෑ.හැමදාම උදේට වට ගාවට ඇවිදින් වතු සුද්ද ගහෙන් මල් කඩන අමානි ගැන උනත් මට මහා ලොකුවට අදහසක් ඇති උනේ නෑ.අද කාලේ කොල්ලෙක් කෙල්ලෙක් දැක්කම දකින ඇතිවෙන හැගීමට සාපේක්ෂව ඊට වඩා දෙයක් මට තිබුනේ නෑ.මට දැනුනේ මගේ ජීවිතේම මොකද්දෝ නොපෙනෙන දෙයකින් වෙලා ගෙන ඉන්නවා වගේ.මෙහෙම දවස් ගෙවෙනකොට තමයි අපේ class එකෙන් කරන musical show එක ආවෙ. 
 "සුවා මේ මචන් උබ නම් සින්දුවක් කියන්නම ඕන.මොනාද බන් නැත්නම් මේකේ ඉන්න අනිත් පගර නාට්ටෝ දගලලා ලකුණු දාගනියි .." අසංක ගේ පෙරැත්තට හා කිව්වා මිසක් මට සෙනගක් ඉස්සර සින්දුවක් නෙමේ ඉන්නවත් හිතක් තිබ්බේ නෑ.
   " නීල දෑසේ දුටුවා" සින්දුව මම එදා city center එකේ කියල පහල බහිද්දී තමයි කවිෂක ඇවිත් මට සුබ පැතුවේ.පස්සේ කලෙක ඇත්තටම නීල දෑසක් උනෙත් ඒ ඇස දෙකම තමයි.එත් පස්සේ මම සින්දු කිව්වේ ඒ ඇස දෙකට විතරයි..හැමදාම වැව රවුමේ මගේ උකුලේ ඔලුව තියාගෙන උන්නු කවිෂ්කට සින්දුවක් කියන්නම් ඕනි..මම සින්දුව කියනකම් එයාගේ පුංචි ඇත වලින් මගේ කොන්ඩේ අත ගැන හැටි මට තාමත් දැනෙනවා.එත් එය නැති උන දවසේ ඉදන් මම නිකමටවත් සින්දුවක් මුමුනලවත් නෑ .එත් අසංකය මාත් එක්ක තරහ වෙන නිසා මට මේක කරන්න වෙනවා.
   show එකේ දවස ආව.මොකද්දෝ හේතුවකට මම එදා සින්දුව කියන්න ඇන්ද ඇදුමම ඇදගත්ත.තප්පර කීපයකින් මගේ වාරේ.නිවේදකයා..
"බොහෝ කලකට පෙර ඔබ අතර කට හද අවදි කල ඒ යොවුන් ගායකයා නැවතත් කරලියට..මම ඔහුගේ නම නොකිවුද ඔහුගේ රුව දුටු සැනින් ඔබ...."  
අනේ මන්ද මේ මනුස්සය කියන හැටියට මන් එච්චර ජනප්‍රියද?ස්කොලේ යන කලේ සමස්ත ලංකා දිනුවට දැන් ඒවා මිනිස්සුන්ට මතක නෑ.කෝකටත් කියල mic එක අරන් මම ස්ටගේ එකට ගියා.මව දැක්ක විතරයි සේරමලා සුවහස් සුවහස් කියල කෑගහන්න පටන් ගත්ත.ඔවුන්ට ආචාර කරලා මම බෑන්ඩ් එකට් සිග්නල් එක දුන්න...
"සරා සිහින රහසේ... දිවුරා කියා..." මේ සින්දුව කියන්න අය හිතුනේ කියල දන්නේ නැති උනත් අහිංසක බලාපොරොත්තුවක් තිබ්බ මේක මන් දාලා ගියා කෙනා ඇහේවි කියල..තව එකක් කියන්න කියල හැමෝම ඉල්ලද්දී මන් වේදිකාවෙන් බැහැල ආව.මට තව සින්දුවක් කියන්න හිත දුන්නේ නැත්තේ මගේ කදුළු අනිත් අයට පෙනේවි කියල.
 ඉක්මනට ගෙදර යන්න ඕන කියල හිතන් අසන්කයට කියල මම එලියට එනකොට පිටිපස්සෙන් කවුද ඇවිත් "ඔය ලස්සනට සින්දුව කිව්වා".මම හැරිලා බලද්දී වෙන කවුද සින්දු කියපු කෙනෙකුයි තව ගනු ළමයෙකුය් කතා කරනවා.එහෙම දවස් එන්නේ ජීවිතේට එක පාරයි කියල ආයේ හැරිලා යන්න හදද්දී පිටිපස්සෙන් හිනා වෙන සද්දයක් ඇහුන.ආයේ හැරිලා බලද්දී අමානි ඉන්නවා.
"ඔය ලස්සනට සින්ග් කරා අය්යේ.කාටද ඒ සින්දුව කිව්වේ?" අමානි හිනා වේවි මගෙන අහනව.මට එක පාරටම කළුවර උන වගේ හැමදේම.දෙවියනේ මේක වෙන්න පුලුවන්ද.එදා කවිෂ්කා ඇහුව වගේනම අද අමා අහනව මගෙන් ඒ විදියටම ඒ දේම..මේක වෙන්න බෑ...
"අය්යේ ..අය්යේ..." අමා මගෙන් උරෙන් අල්ලලා හෙලෙව්වම තම මන් පියවි ලෝකෙට ආවෙ.
"අහ් තැන්ක්ස් නංගි.ඔය කොහොමද දන්නේ මම සින්ග් කරනවා කියල?"
"නෑ අය්යා මන් දන්නේ නෑ.මන් සින්දුව ඇහිලයි කවුද කියන්නේ බලන්න ආවෙ.එතකොට දැක්කේ ඔය කියල."
මම හිනා වෙලා .."අමා ගෙදර යනවද?"
"අමා??? මෙන්න වැඩක් මෙය මට නමුත් හදාගෙන.අමානි මගේ නම."
"හරි හරි අකමැත්තක් නැත්නම් මම අමා කියල කතා කරන්නම්."
"හා හා හා ඔයාගේ කැමැත්තක් " අමා හැරිලා යන්න ගියා..මම කෑගහල ඇහුව
"ගෙදර යන්නේ නැද්ද?" එක ඇහුන ගමන් කොන්ඩේ ගස්සල එක පැත්තකින් බාගෙට හැරිලා ඇත දෙක උකුලේ තියාගෙන 
"ඇයි ඔයා එක්ක ගෙන යන්නද? වාහනේ පාර්ක් එකේද?" කෙල්ල හිනා වේවි අහනව..
"ඔව් ඔව් පාර්ක් එකේ.එනවා නම් එක්ක ගෙන යන්නම්.."
"ම්ම්ම් පස්සේ බලමු" කියල කෙල්ල ගියා...
      බස් එකේ ටික දුරක් යද්දී ෆෝන් එකට massege එක ආව.
"සින්දුව ලස්සනයි ..එදා වගේමයි..ඔය වෙනස් වෙලා නෑ.!!! කවිෂ්කා." එය එහනම් සින්දුව අහල..එත් ඒ කොහොමද..පෙන්න හිටියේ නම් නෑ.එතකොටයි මතක් උනේ මොකද්ද channel එකක එක live පැන්නුව කියල. මන් කවදාවත් ඔයාගේ ආදරේට වෙනස්කමක් කලේ නෑ.සින්දුවේ වගේම "හැර ද මා ඔබ ගියදා.උන් තැන තාමත් රැදිලා"
                        ආයේ හිත අමා ගැන කල්පනා කලාඅද කෙල්ල හොදට මාත් එක්ක කතා කලා.මන් ගැන මොනවත් හිතිලද?එත් මන් ආයේ ඒවගේ දෙකට ලෑස්තිද?අනේ මන්ද.ගිනි පෙල්ලෙන් බට කාපු මිනිහ කනා මැදිරි එළියටත් බයයි.හ්ම්ම්ම් බලමු මොකද වෙන්නේ කියල...
    ඒ අතරේ ආයේ ෆෝන් එකට massege එකක් ආව..
"පිටි පස්සේ ඕන තරම් ඉඩ තියනව..!! " පිටි පස්සේ.?කෝකටත් කියල පස්ස හැරිලා බැලුව..අද දවසෙම පස්ස බලන එකමයි වැඩේ..අහ් අමා පස්සේ ෂිට් එකේ.මන් නැගිටලා ගියා..
"මොකද හොරු වගේ බස් එකේ යන්නේ?'මම වැඩි වෙන ගමන් ඇහුව..
"ආ මෙන්න මාර වැඩක් මේක මුලික මිනිස් අයිතිවාසිකමක්.කැමති බස් එකක යන්න."
"ආණ්ඩු ක්‍රම විවස්ථාවේ නම් නෑ එහෙම වගන්තියක්.."
"ඒ උනාට ලංකාව තුල කැමති තැනක යාමේ ඒමේ නිදහස තියනවා නේ" මේකිගේ පණ්ඩිතකම..
"හරි හරි මැඩම්..මන් පරාදයි..අය මන් කතා කලාම ආවෙ නැත්තේ යන්න.."
කෙල්ල හිනා වෙලා"නෑ මේකයි මම ගියා ගැණු ළමයින්ට විතරක් අවශ්‍ය දේවල් ගන්න.එකට ඔය වගේ හයේ හාතරේ කොල්ලෙක් ගෙනි යන්න බෑ නේ..එකයි බෑ කිව්වේ.."අම්මෝ මේකිගේ කට..චන්දෙ ඉල්ලන්න හොදයි..හැබැයි එක අතකට හොදයි දැන් දෙය්යනේ කියල මාත් එක්ක කතා කරනවා..මගේ ජිවිතේ සමමිතිකව දෙකට බෙදිලා..එක පැත්තක මහා වේදනාවක්..අනිත් පැත්තේ කදුළු..
"අය්යේ මන් අහන්න හිටියේ,,ඇයි ඔය එදා ජනේලේ ගාව අඩ අඩා හිටියේ?අඩ සින්දුව කිට්‍යද්දීත් මන් දැක්ක ඇස වල කදුළු?" 
හරිනේ...කෙල්ලට මට්ටු වෙලා..දැන් මන් මොකද්ද කියන්නේ?// 

තවත් දින තුනකින් හමුවෙමු ....

සටහන ....
දින දෙකක් පහු වීම ගැන සමාවෙන්න...ලියන්නා ටිකක් කාර්ය බහුල වූ නිසා මෙසේ ප්‍රමාද විය..!! ලියන්නා ඇමතීමට අවශ්‍ය නම් 0774602710 කතා කරන්න..!! ඔබේ අදහස් සැමවිටම ලියන්නා අගේ කරයි..!!

No comments:

Post a Comment