නිදහසේ හිතන්න ,නිදහසේ ලියන්න ඔබේ මනසත් මානසික ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඇත්නම් අවසරයි මගේ බිම් කොටසේ සැරිසරන්න

Tuesday, September 6, 2011

වස්සානයට තවත් කතාවක්...!!!

          තෙවැනි දිගහැරුම .....


  මිට වැඩ හොදයි කඩුගන්නාවට ගිහින් පහලට පන්න නම්.වස ලැජ්ජාව.ආයේ බස් හෝල්ට් එක පැත්තේ ඇවිත් ඉවරයි..දැන් මෙලහකටත් අම්ම ගේ කනට news එක ගිහින් ඇති.
  උදේ වෙච්ච අකරතබ්බේ නිසා මට class එකට ගියත් හිතට upset .විබාගේ ඉවරඋන ගමන් law entrance කරන්න කියල අවේ අම්මගේ වදේට මිසක් නැතනම් මගේ එච්චර කැමැත්තක් තිබු නේ නෑ.ඉස්සර ඉදන් උසාවියේ නඩු කතා කරන්න මහා ආසාවක් තිබ්බ මගේ ඒ බලාපොරොත්තු නැති උනේ කොහොමද කියන්න මන් වත් දැනගෙන හිටියේ නෑ.ඒ අරමුණු වලින් පිරිණු ජිවිතයක් අහිමි වෙලා දැන් ඉබාගාතේ යනවද කියල මට හිතුන වාර ගැන නම් අනන්තයි.හ්ම්ම්ම්ම් ......මගේ හිත තවත් දුර යන එක සැරේට නැවතුනේ එක පාරටම දැකපු දෙයක් නිසා.
                      ෂා.............මුන් දෙන්න සෙට් වෙලානේ...මගෙත් කකුල් රිදෙනක්ම අසංකය බුස් හ්ලොට් ගැනේ තාප්පේ නේත්‍රා එක්ක යාලුවෙන්න.කොල්ලෙක් තමාගේ හිතේ තියන දේ කියා ගන්න කොච්චර මහන්සි වෙනවද කියල ඔය කෙල්ලෝ දන්නේ නෑ..කොහොම උනත් දැන් දෙන්න සෙට්.හ්ම්ම්ම්.....මේ ලෝකේ හැමෝටම වරදින්නෙත් නෑ..හැමෝටම හරි යන්නෙත් නෑ.. 
                             මගේ ඇස් වල කදුළු පිරිඋනේ මටත් නොදැනිම.මට කවිෂක මතක් උන..මගේ මුළු ජීවිතේම කැප කරලා දහසක් බලාපොරොත්තු තියාගෙන කරපු එකම ආදරේ..එකත් වැව රවුමේ හැපෙන එක රැලක් වෙලා දැන් වියැකිලා ගිහින්..
    "මචන්..මචන්.."අසංක මට කතා කරනවා..
"අයි බන් අඩන්නේ..?? දැන් ඕව අමතක් කරහන් බන්.ජිවිතේ අලුතෙන් පටන් ගනින්."
මත ආසයි බුන් මගේ ජිවිතේ අලුතෙන් හදා ගන්න.එත් ජීවිතය මට එකට ඉඩ දෙන්නේ නෑ බන්.මන් දන්නේ නෑ අයි කියන්න.මන් ජිව්තෙට වරදක් කරලා නෑ බන්.ආදරේ කරන එක වරදක්ද බන්..?? ආදරේ කරන්න ඕනේ අපේ හිතට හරි යන කෙනාටද..නැත්නම් මේ ලෝකේ මිනිස්සු මනින අනිත් මිනුම් වලින්ද?මට තෙර්න්නේ නෑ බන්.
"හරි හරි...දැන් ඕව වැඩක් නෑ.වරෙන් lecture එකට යන්න."

    නිතිය යනු මිනිසුන්ගේ බාහිර පැවැත්ම සිමා කරන කොන්දේසි වේ.එත් ආදරේදී   මිනිස්සු අනිත් අයගේ හිත්වල් සිමා කරන නීති දන්නේ කොහොමද?lecture එක යන අතර තුරේදී  මට කල්පනා උනේ එක.ඇයි මට කවිෂ්කව මතක් උනේ..වැව රවුම දිගේ ඇවිදන් යද්දී කල්පනා උනේ එක ගැනමයි. ඇයි එක පාරටම ආදරේ ගැන මතක් උනේ..අල්ලපු ගෙදරට ආපු කෙල්ලේ නිසාද?ම්ම්ම් ..එත් මන් ආයේ වෙන කාටවත් ආදරේ කරන්න සුදානම්ද..රිදුනු හිතක් බොහොම අමාරුවෙන් වත්තම් කරගෙන ජිවත් වෙන මම ආයේ හිත රිද්ද ගන්න තියෙන්නේ පුදුම බයක්.එක පණපිටින් ඉන්න මිනිහෙක් කපුවටත්  වේදනා බව දන්නේ හිත රිදුන අය විතරය්.

     අද මහා පුදුම දවසක්.කල්පනා කර එක ඇරෙන්න වෙන වැඩක් කළෙම නැද්ද කොහෙද..ඉස්සර වැව රවුමේ තඩි කුබුක් ගහ ගාව වැඩි වෙලා කවිෂ්කා එනකම් හිටපු හැටි මට මතක් උනා.
"මොකද  මේ හුරතලේ අද.." "අනේ සුවහස්..හැමදාම එන්නකෝ මාව බලන්න.."
"එහෙම කොහොමද ළමයෝ.මන් exam කරන්නේ නැද්ද?"
"මට ඔය නොදක ඉන්න බෑ සුවහස්.මට ඔයනතුව ඉන්න බෑ.මන් බොලද ඇති.එත්.."
      එහෙම කියපු ඔයා අද කොහෙද කවිෂ්කා?
ඇස් දෙකේ කදුළු බේරෙන්න ගත්තේ මටත් නොදැනිම..කාමරේ ජනේලෙන් එලිය බලන් ඉන්නකොට මන් දැක්කේ මන් දිහා කවුද බලන් ඉන්නවා වගේ/.අහ එහා ගෙදර සුදු දුව..මලා.මන් අඩනවා දැක්කද දන්නේ නෑ..ඉවරි නේ..අය මේ කෙල්ල දකින හැම වෙලාවේම මට මෙහෙම වෙන්නේ..කෙල්ල බලන් ඉදල ගියා.මන් අඩනව දකින්න ඇති.

       අදනම් උදේ පාන්දර ඇද ගත්තේ කොහොම හරි අර යක්ෂණියෝ ඉන්න බස් එකට කලින් එතනින් මාරු වෙන්න.හම්මෝ ඇති යන්තම් සුරන්ගනාවිත් නෑ.බස් එකක් අව නිසා මම දඩි බීඩි ගල නැග්ග.බස් එක ටික වෙලා නවත්තල තිබිල ඇද්දුව.දිවයලෝකේ වගේ මාර සුවදක් එක්ක කවුද ඇවිත් මගේ ලගින් වාඩි උනා.එහා ගෙදර සුදු දුව..අය දෙවියනේ මටම මෙහෙම කරන්නේ.දැන් ඉවරය් නේ අය්යා ඇයි ඊයේ ඇඩුවේ කියල ඇහුවොත්..මන් වරුවක් විත මුණ දිහා බල හිටපු නිසාද කොහෙද කෙල්ල බිම බලාගත්ත.එතකොටයි මගේ දැහැන බිදුනේ.
"ගූඩ් මොර්නින්ග් නංගි."
"මොර්නින්ග් අය්යා." අහික් මොර්නින්ග් විතරයි.මෙයාගේ ආඩම්බර.අල්මාරි ඇදල දුන්නට වත් සලකන්නේ නැනේ..
"නංගි මේ ..." කියල අහන්න හදනකොටම කෙල්ල නැගිටලා යන්න ගියා.මල බස් එක එයාගේ ස්කොලේ ගාවටම ඇවිත්..විනාඩි ක්ම මන් එය දිහා බලන් ඉදලද..?මට පිස්සුද..මන් මගෙන්ම අහගත්තෙ වෙන කෙනෙක් අහන්න කලින්..
කොහොම උනත් ඒ සුවදට නම් මගේ හිත ඇදිල ගියා.කවිෂ්කා ඉස්සර එනකොට මුළු වැව රවුමම සුවදයි.බැංකුවේ වැඩි වෙලා ඇත කදු දිහා බලන කොට මන් කලේ එයාගේ සුවද විදපු එක.සුවහස් උබ අයෙත් විද වන්නද හදන්නේ?


"මට ඉන්න තිබුන සද පැවුවානම්...
මට ඉන්න තිබුන තරු එලිය  දුන්නානම් 
මට ඉන්න තිබුන මගේ මුළු අහස කළුවර නොවුවානම්
මට ඉන්න තිබුන මගේ සිත නුබ සොර නොගියානම්..!!! "

 තවත් සිව් දිනකින් හමුවෙමු..!!!

2 comments:

  1. අද තමයි කතාවේ ඔක්කොම ටික කියෙව්වේ... ලස්සනයි... :)

    කොට ජීවිතේ

    ReplyDelete