නිදහසේ හිතන්න ,නිදහසේ ලියන්න ඔබේ මනසත් මානසික ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඇත්නම් අවසරයි මගේ බිම් කොටසේ සැරිසරන්න

Tuesday, September 13, 2011

වස්සානයට තවත් කතාවක්...!!!

සිව්වෙනි දිගහැරුම....
                                              

                                වැස්ස නම් තවත් හුරතල් වේවි වහින පාටයි.මෙහෙම ගියොත් නුවරත් ගංවතුරට යට උනා කියල තමයි පත්තරේ යන්නේ.අහසට නම් වැහැල හරි නිදහස් වෙන්න පුළුවන්.එත් මට?හ්ම්ම්ම් ...දිග හුස්මක් පිට කරගෙන ඇදේ හාන්සි උනත් මේ මහා දවාලේ නින්ද යන්නේ  නැති නිසා මං ඉස්තෝප්පුවේ පුටුවට ගියේ පත්තරේ කියවන්න.මෙන්න යන කොටම එහා ගෙදර සුදු දුව මිදුලේ තෙමි තෙමි ඉන්නවා.සුදු ගවුම පිටින්.අය මෙහෙම කෙල්ල තෙමෙන්නේ ? මගේ හිතට මහා ප්රශ්නයක් උනා.කෝකටත් කියල වැට ගාවට ගිය.එතකොටයි කෙල්ල මාව දැක්කේ.පව් අප්පා.හොදටම තෙමිලා. ගෙදර වටෙට් ඉස්තෝප්පු කැල්ලක් නැති නිසා කෙල්ලට යන්න තැනකුත් නෑ.
"ගෙදර යතුර නැද්ද නංගි?" 
"අම්ම  යතුර තියන්නා අමතක වෙලා අය්යේ." එහෙම කියල කෙල්ල බිම බලා ගත්ත.කොච්චර අඩම්බර පාට උනත් කෙල්ලගේ හිත අහිංසකයි කියල මට තේරුනේ  වෙලාවේ.
"ඉන්න නංගි ඔහොම." මම ගෙට ගිහින් කුඩේ අරන් වටෙන් පැනල කෙල්ල ගාවට ගියා."යන් අපේ ගෙදර අම්ම එනකම්එහෙම කිව්වා විතරයි කෙල්ල බය උනා 
"බය වෙන්න එපා අපේ අම්ම ගෙදර ඉන්නවා." කෙල්ලගේ මුණ ලෝකේ තියන හොදම මල වගේ පිපුන.
"දෙන්න පොත් බැග් එක මට."
"එපා අය්යේ .මං එක ගන්නම්"
"පිස්සු නැතුව දෙන්න.ඔයා හොදටම තෙමිලා නේ"කුඩේ යට කෙල්ල අපු ගමන් මගේ හිත එක පාරටම නතර උනා.කුඩේ යටින් මෙහෙම සුවදක් විදගෙන ගියේ කොච්චර කාලෙකට පස්සෙද.දගකාර කමට වහින වැස්සක හීතලේ ගුලි වෙලා කුඩයක් යටින් යන්න ආස නැත්තේ කවුද?කවිෂ්කත් එක්ක  ඉස්සර යනකොට ඒ දුන හැගීමම අයෙත් මට අවේ ඇයිද කියන්න මන් දැනගෙන හිටියේ.එත් ඇස කෙවෙනි බොද වෙන බවනම් මට හොදටම දැනුන.
"අය්යේ යමුද?" කල්පනා කෙරුව මිසක් මම ගිහිල්ල නැනේ."හා යන් නංගි"ගෙට ගොඩ වෙනකොටම අම්ම දොරකොඩ ලග.
"වෙනදට වැස්සක් නෙමේ අහස කළු කලත් අදට වැටෙනා කෙනා මන්  බැලුව අද මේ කොහේ ගිහින්ද කියල.වැඩි වෙන්න පුතේ මන් තුවායක් ගේන්නම්"අපේ අම්මත් ඕනේ නැති වෙලවටමය් යෝකර් දාන්නේ.දැන් කෙල්ල හිතනවා ඇති මන් පැණි කමට එයාව එක්කගෙන ආව කියල.ඇත්තටම මම ඇයි ගියේ? හ්ම්ම්ම් ..කොහොම උනත් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනි කියල අපිට කිව්වේ අපේ law lecutre . ඒ lawyer කෙනෙක් උනාම.කමක් නෑ මේකත් එක්තර නඩුවක් තම කියල මම පැමිණිල්ල විබාග කරන්න ලෑස්ති උනා.
"මේ මේ මේ  නංගි ගේ නම මොකද්ද? "කෙල්ල  වතුර බිබී හිටියේ.එක පාරටම එකත් හිර උනා.
"අය නංගි මං වැරදි දෙයක් ද ඇහුවේ?"
"අනේ නෑ අය්යේ..මේ මේ නංගි කියල අහපු නිසයි හිර උනේ."මම අමානි වන්දනා."
"ශා ලස්සන නමක් නේ නංගි.."
"එක නේ නුවර මැණිකේ කෙනෙකුට ගැලපෙනම නම." අපොයි අපේ අම්මත් පිටියට අවේ වැරැදි වෙලාවටම නේ.ඒ දෙන්නට ඔප දුප කතා කර ගන්න කියල මං ඇවිත් ඇදෙන් හාන්සි උනා.අමානි...හරිම ආදරණිය නමක්.වන්දනා කියන කෑල්ල ඊට වඩා ලස්සනයි.අපේ අම්ම කිව්වා හරි නුවර කෙල්ලෙකුට ගැලපෙනම නම.
"පුතා මේ දුව යන්න හදන්නේ" මට එක ඇහුන විතරයි ඇදෙන් බැස්ස නෙමේ විසික් උනා වගේ.මම දුවල ඉස්සරහට ගිය.
"යන්නම් අය්යේ.ගොඩක් පින් කරපු උදව්වට."
"ආ...ඕක මොකද්ද නංගි..සුළු දෙයක්"පුංචි ඇස දෙකෙන් ලොකු හිනාවක් එක්ක මොකද්දෝ ආදරණිය බැල්මක් දීල අමානි යන්න ගිය.
ජීවතේ කොච්චර නම් දවස් මෙහෙම ගෙවෙන්න ඇත්තද?එත් අද නම් හරි පුදුම දවසක්. 

                                       උදේ පාන්දර දුවගෙන ගිහින් යන්තම් සෙනග නැති බස් එකක වාඩි උනා.වැව රවුම දිහා බලාගෙන යද්දී දැක්කේ කවිෂ්කලගේ කාර් එක නවත්තල තියනවා.යෙහානුත් ඇතුලේ හිටියා.මං ඉස්සර හිතන් හිටියේ වැව රවුමේ  කවිෂකත් එක්ක හුරතල් වෙන්න පුළුවන් මට විතරයි කියල.එත් මට වැරදිලා.එකම  කෙනාට උනත් කීප දෙනෙක් එක්ක වැව රවුමේ ආදරේ කරන්න පුළුවන්.එකට තහංචි නෑ.කවිෂ්කා ඉස්සරට වඩා මහත් වෙලා.කමක් නෑ යෙහාන්ට ගෙදරින් කැමති නිසා  ඒ ගොල්ලෝ සතුටෙන් ඉදියි.මං වගේ දුප්පත් එකෙක් යාලු කරන් ඉන්නවට වඩා එක හොදයි.ආදරෙත් අද කඩේ බදු ගානට විකිණිලා.මට පන්තියට යන්න හිතුනේ නෑ.මාලිගාවට යන්න මම පාර පනින්න හැදුව විතරයි කාර් එකක් අවා.නුලෙන් බේරුනේ.ඒ කවිෂ්කලගේ කාර් එක.මැරෙන්නද යකෝ යන්නේ  කියල යෙහාන් අහන්කොටයි කවිෂක මාව දැක්කේ.මං බිම බලාගෙන  පාර පාන්නේ මැරෙන්න තමයි යකෝ මට වෙලා තියෙන්නේ කියන්න බැරි කමට.

  තවත් තුන් දිනකින් හමුවෙමු ...!!!

No comments:

Post a Comment