නිදහසේ හිතන්න ,නිදහසේ ලියන්න ඔබේ මනසත් මානසික ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඇත්නම් අවසරයි මගේ බිම් කොටසේ සැරිසරන්න

Friday, September 2, 2011

වස්සානයට තවත් කතාවක්...!!!


                                                             සුළගට හිතල වෙච්ච ගත පුරාම අපුරු පහසක් දැනුනා.ජිවිතේ ගොඩක් ආස කරපු නුවර වැව රවුමට එන්න පෙරුම් පුරලා කොහොමහරි එකත් ඉෂ්ට කරගත්ත.තනිවෙච්චි ජීවිතය හරි පුදුම වාසනාවක්. හිත යන්න ආස කරන ඕනෑම තැනකට යන්න පුළුවන්.නුවර මගේ ආදරණිය මතකයන් කිහිපයක් දායාද කල ආදරනීය නගරය.සිතිවිලි අතරේ සැරිසරන විට හිතේ තවත් දේ ඇදෙන්නට පටන් ගත්තේ වැව රවුමේ බැංකුවක් මත ඉද ගත්තම.

එදා වැස්සේ නැති උනාට අහස හරියට කලුකරලා තිබ්බා.විගහට පේරාදෙණියේ බස් එක අල්ලගන්න මම වැව රවුමේ දිව්වා..එක පාරටම කොහේදෝ ඉදන් ආපු කෙනෙක් මගේ ඇගේ වැදුනා.
"sorry ...දැක්කේ නෑ මං.. "
මගේ විසිරිච්ච කොල ටික දැකල ඇය කිව්වා.එතකොටය් දැක්කේ සුදුවට ඇදගත්ත  පුංචි මැණිකේ කෙනෙක් මගේ ඇගේ හැප්පිලා කියල.. කෙල්ලව ටිකක් බයිට් කරන්න ඕනි.
"ම්ම්ම්ම් ...වෙච්ච පාඩුවට නම් sorry කියල බේරෙන්න නම් බෑ..මගේ වටිනා කොල වගයක්."
කෙල්ල ගේ මුණ වහින්න තිබ්බ අහසට වඩා කළු උනා.
"අනේ අය්යේ..මම හිතල නෙමේ හැප්පුනේ..මේ මේ.." කෙල්ල බය වෙලා හොදටම ගොත ගහනව..මේවා මායම් අහු වෙන්න එපා පුතේ කියලා හිතත් කියනව.එත් මේ තරම් අහිංසක මුණක් දිහා බලාගෙන කොහොමද තවත් බය කරන්නේ..
මාලිගාවට ගිහින් වැඩල එන කෙල්ල නේ මට තවත් බය කරන්න හිතුනේ නෑ. නිසාම "කමක් නෑ.එකට කමක් නෑ.." බිම වැටිච්ච් කොළ ටික දිහා බලල ඒක කියන ගමන් මම කෙල්ලගේ මුණ බැලුවා.මුණ බලන්න බලන්නක් තියා ඇන්ටි කෙනෙක්වත් හිටියේ නෑ..ඈත වැව රවුමේ දුවල යන එයාව දැක්කේ එතකොටයි .බිම වැටිච්ච කොළ ටිකත් අහුලාගෙන මම යන්න ආව.
ගෙදර ගාව බහිනකොටම අල්ලපු ගෙදර අන්කල් දුවගෙන ආව.වෙනදට මහා ආඩම්බරෙන් ඔරවාගෙන ඉන්න මෙය මොකද අද ලිබියාවට ආධාර දෙන්න වගේ මගේ දිහා බලන්නේ කියල මං බැලුවා
"අනේ පුතේ ඔයා ආපු එක ලොකු දෙයක්.යන් යන් ඉක්මනට යන්" කියල මාව ඇදගෙන ගියා.."ඇයි අන්කල් ?මොකද්ද අවුල"
අද කලේ අන්කල්ලවත් sure කරන්න බැරි නිසා මං ඇහුව.."මාර වැඩේ පුතා.අපේ ගෙදර rent out එකට ගත්ත අයගේ lorry එක මග නැවතිලා..පොඩි help එකක් දෙනවද lorry එක තල්ලු කරන්න."
පුදුම සනීපයි.හවස කෙල්ලෙක් මගේ පොත් ටිකත් පෙරලගෙන දිව්වා..දැන් පර මග හිටපු lorry ත් තල්ලු කරන්න වෙලා.බෑ කියන්න බැරි කමට මාත් වැඩේට බැස්සා.  
හවස වෙච්ච හරිම සනීප දේවල් නිසා මගේ ඔලුවත් කකියන්න වගේ.නිදා ගන්න කියල අදට ආවත් නින්ද එන්නේ නෑ.ඇයි මේ.ඇස දෙක පිය උන අතරේ මට නවත්ත ඇස දෙක මතක් උනා.එදා මාලිගාවේදී ඇස දෙක විතරක් දැක්කට මට එයාව හරියට බලාගන්න බැරි උනේ මගේ පවකට කියල හිතුන වාර ගැන අනන්තයි.එත් ඇස දෙක නම් ගලේ කෙටුව වගේ හිතේ ඇදුනේ මටත් නොදනිම.හ්ම්ම්..එත් අම්ම කියනව වගේ අද කාලේ ගැණු ළමයෙක් බලන්න හරි මාලිගාවට අපි වගේ කොල්ලෝ යන එක පිනක් කියන එකේ තේරුම අද තමය් තේරුනේ.එක නම් පිනක් තමයි.නින්ද ගෙන එනකොටම ඇහුන මහා සද්දෙන් මම උඩ ගිහිල්ල බිම වැටුන..
"අම්ම මොකද්ද සද්දේ?" කියාගෙන මම ඇදෙන විගහට බැහැල එලියට ගියා."එහා ගෙදරින් තම  ඇහුනේ පුතා.කරදරයක්ද දන්නේ නෑ."එහෙම කියාගෙන අම්ම පැත්තට ගියා.මේ මොන මගුලක්ද කියල කියා කියා මත පැත්තට යනකොට දැකපු දෙයින් මං ගල් උනා.

 තවත් දින තුනකින් හමුවෙමු..!!!



2 comments:

  1. Ela ethamai. Bt ithuru tikath qwa nam hithata nidahasak vage bun! :)Ela ethamai. Bt ithuru tikath qwa nam hithata nidahasak vage bun! :)

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මචන්..!!! :) දවස තුනක් ඉවසන්න..!! :)

    ReplyDelete