නිදහසේ හිතන්න ,නිදහසේ ලියන්න ඔබේ මනසත් මානසික ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඇත්නම් අවසරයි මගේ බිම් කොටසේ සැරිසරන්න

Saturday, September 17, 2011

වස්සානයට තවත් කතාවක්...!!!

පස්වෙනි දිගහැරුම ...................

                                                ඉර බහින එක ,පායන එක ජිවිතේ සදාකාලික සත්‍යක්‌ උනාට මුළු ජිව්තේම කළුවර වෙච්චි හිතවල් නම් කොච්චර තියනවද?දවස් ගණන් ගෙවිල ගියත් මගේ ජීවතේ මහලොකු වෙනසක් උනේ නෑ.හැමදාම උදේට වට ගාවට ඇවිදින් වතු සුද්ද ගහෙන් මල් කඩන අමානි ගැන උනත් මට මහා ලොකුවට අදහසක් ඇති උනේ නෑ.අද කාලේ කොල්ලෙක් කෙල්ලෙක් දැක්කම දකින ඇතිවෙන හැගීමට සාපේක්ෂව ඊට වඩා දෙයක් මට තිබුනේ නෑ.මට දැනුනේ මගේ ජීවිතේම මොකද්දෝ නොපෙනෙන දෙයකින් වෙලා ගෙන ඉන්නවා වගේ.මෙහෙම දවස් ගෙවෙනකොට තමයි අපේ class එකෙන් කරන musical show එක ආවෙ. 
 "සුවා මේ මචන් උබ නම් සින්දුවක් කියන්නම ඕන.මොනාද බන් නැත්නම් මේකේ ඉන්න අනිත් පගර නාට්ටෝ දගලලා ලකුණු දාගනියි .." අසංක ගේ පෙරැත්තට හා කිව්වා මිසක් මට සෙනගක් ඉස්සර සින්දුවක් නෙමේ ඉන්නවත් හිතක් තිබ්බේ නෑ.
   " නීල දෑසේ දුටුවා" සින්දුව මම එදා city center එකේ කියල පහල බහිද්දී තමයි කවිෂක ඇවිත් මට සුබ පැතුවේ.පස්සේ කලෙක ඇත්තටම නීල දෑසක් උනෙත් ඒ ඇස දෙකම තමයි.එත් පස්සේ මම සින්දු කිව්වේ ඒ ඇස දෙකට විතරයි..හැමදාම වැව රවුමේ මගේ උකුලේ ඔලුව තියාගෙන උන්නු කවිෂ්කට සින්දුවක් කියන්නම් ඕනි..මම සින්දුව කියනකම් එයාගේ පුංචි ඇත වලින් මගේ කොන්ඩේ අත ගැන හැටි මට තාමත් දැනෙනවා.එත් එය නැති උන දවසේ ඉදන් මම නිකමටවත් සින්දුවක් මුමුනලවත් නෑ .එත් අසංකය මාත් එක්ක තරහ වෙන නිසා මට මේක කරන්න වෙනවා.
   show එකේ දවස ආව.මොකද්දෝ හේතුවකට මම එදා සින්දුව කියන්න ඇන්ද ඇදුමම ඇදගත්ත.තප්පර කීපයකින් මගේ වාරේ.නිවේදකයා..
"බොහෝ කලකට පෙර ඔබ අතර කට හද අවදි කල ඒ යොවුන් ගායකයා නැවතත් කරලියට..මම ඔහුගේ නම නොකිවුද ඔහුගේ රුව දුටු සැනින් ඔබ...."  
අනේ මන්ද මේ මනුස්සය කියන හැටියට මන් එච්චර ජනප්‍රියද?ස්කොලේ යන කලේ සමස්ත ලංකා දිනුවට දැන් ඒවා මිනිස්සුන්ට මතක නෑ.කෝකටත් කියල mic එක අරන් මම ස්ටගේ එකට ගියා.මව දැක්ක විතරයි සේරමලා සුවහස් සුවහස් කියල කෑගහන්න පටන් ගත්ත.ඔවුන්ට ආචාර කරලා මම බෑන්ඩ් එකට් සිග්නල් එක දුන්න...
"සරා සිහින රහසේ... දිවුරා කියා..." මේ සින්දුව කියන්න අය හිතුනේ කියල දන්නේ නැති උනත් අහිංසක බලාපොරොත්තුවක් තිබ්බ මේක මන් දාලා ගියා කෙනා ඇහේවි කියල..තව එකක් කියන්න කියල හැමෝම ඉල්ලද්දී මන් වේදිකාවෙන් බැහැල ආව.මට තව සින්දුවක් කියන්න හිත දුන්නේ නැත්තේ මගේ කදුළු අනිත් අයට පෙනේවි කියල.
 ඉක්මනට ගෙදර යන්න ඕන කියල හිතන් අසන්කයට කියල මම එලියට එනකොට පිටිපස්සෙන් කවුද ඇවිත් "ඔය ලස්සනට සින්දුව කිව්වා".මම හැරිලා බලද්දී වෙන කවුද සින්දු කියපු කෙනෙකුයි තව ගනු ළමයෙකුය් කතා කරනවා.එහෙම දවස් එන්නේ ජීවිතේට එක පාරයි කියල ආයේ හැරිලා යන්න හදද්දී පිටිපස්සෙන් හිනා වෙන සද්දයක් ඇහුන.ආයේ හැරිලා බලද්දී අමානි ඉන්නවා.
"ඔය ලස්සනට සින්ග් කරා අය්යේ.කාටද ඒ සින්දුව කිව්වේ?" අමානි හිනා වේවි මගෙන අහනව.මට එක පාරටම කළුවර උන වගේ හැමදේම.දෙවියනේ මේක වෙන්න පුලුවන්ද.එදා කවිෂ්කා ඇහුව වගේනම අද අමා අහනව මගෙන් ඒ විදියටම ඒ දේම..මේක වෙන්න බෑ...
"අය්යේ ..අය්යේ..." අමා මගෙන් උරෙන් අල්ලලා හෙලෙව්වම තම මන් පියවි ලෝකෙට ආවෙ.
"අහ් තැන්ක්ස් නංගි.ඔය කොහොමද දන්නේ මම සින්ග් කරනවා කියල?"
"නෑ අය්යා මන් දන්නේ නෑ.මන් සින්දුව ඇහිලයි කවුද කියන්නේ බලන්න ආවෙ.එතකොට දැක්කේ ඔය කියල."
මම හිනා වෙලා .."අමා ගෙදර යනවද?"
"අමා??? මෙන්න වැඩක් මෙය මට නමුත් හදාගෙන.අමානි මගේ නම."
"හරි හරි අකමැත්තක් නැත්නම් මම අමා කියල කතා කරන්නම්."
"හා හා හා ඔයාගේ කැමැත්තක් " අමා හැරිලා යන්න ගියා..මම කෑගහල ඇහුව
"ගෙදර යන්නේ නැද්ද?" එක ඇහුන ගමන් කොන්ඩේ ගස්සල එක පැත්තකින් බාගෙට හැරිලා ඇත දෙක උකුලේ තියාගෙන 
"ඇයි ඔයා එක්ක ගෙන යන්නද? වාහනේ පාර්ක් එකේද?" කෙල්ල හිනා වේවි අහනව..
"ඔව් ඔව් පාර්ක් එකේ.එනවා නම් එක්ක ගෙන යන්නම්.."
"ම්ම්ම් පස්සේ බලමු" කියල කෙල්ල ගියා...
      බස් එකේ ටික දුරක් යද්දී ෆෝන් එකට massege එක ආව.
"සින්දුව ලස්සනයි ..එදා වගේමයි..ඔය වෙනස් වෙලා නෑ.!!! කවිෂ්කා." එය එහනම් සින්දුව අහල..එත් ඒ කොහොමද..පෙන්න හිටියේ නම් නෑ.එතකොටයි මතක් උනේ මොකද්ද channel එකක එක live පැන්නුව කියල. මන් කවදාවත් ඔයාගේ ආදරේට වෙනස්කමක් කලේ නෑ.සින්දුවේ වගේම "හැර ද මා ඔබ ගියදා.උන් තැන තාමත් රැදිලා"
                        ආයේ හිත අමා ගැන කල්පනා කලාඅද කෙල්ල හොදට මාත් එක්ක කතා කලා.මන් ගැන මොනවත් හිතිලද?එත් මන් ආයේ ඒවගේ දෙකට ලෑස්තිද?අනේ මන්ද.ගිනි පෙල්ලෙන් බට කාපු මිනිහ කනා මැදිරි එළියටත් බයයි.හ්ම්ම්ම් බලමු මොකද වෙන්නේ කියල...
    ඒ අතරේ ආයේ ෆෝන් එකට massege එකක් ආව..
"පිටි පස්සේ ඕන තරම් ඉඩ තියනව..!! " පිටි පස්සේ.?කෝකටත් කියල පස්ස හැරිලා බැලුව..අද දවසෙම පස්ස බලන එකමයි වැඩේ..අහ් අමා පස්සේ ෂිට් එකේ.මන් නැගිටලා ගියා..
"මොකද හොරු වගේ බස් එකේ යන්නේ?'මම වැඩි වෙන ගමන් ඇහුව..
"ආ මෙන්න මාර වැඩක් මේක මුලික මිනිස් අයිතිවාසිකමක්.කැමති බස් එකක යන්න."
"ආණ්ඩු ක්‍රම විවස්ථාවේ නම් නෑ එහෙම වගන්තියක්.."
"ඒ උනාට ලංකාව තුල කැමති තැනක යාමේ ඒමේ නිදහස තියනවා නේ" මේකිගේ පණ්ඩිතකම..
"හරි හරි මැඩම්..මන් පරාදයි..අය මන් කතා කලාම ආවෙ නැත්තේ යන්න.."
කෙල්ල හිනා වෙලා"නෑ මේකයි මම ගියා ගැණු ළමයින්ට විතරක් අවශ්‍ය දේවල් ගන්න.එකට ඔය වගේ හයේ හාතරේ කොල්ලෙක් ගෙනි යන්න බෑ නේ..එකයි බෑ කිව්වේ.."අම්මෝ මේකිගේ කට..චන්දෙ ඉල්ලන්න හොදයි..හැබැයි එක අතකට හොදයි දැන් දෙය්යනේ කියල මාත් එක්ක කතා කරනවා..මගේ ජිවිතේ සමමිතිකව දෙකට බෙදිලා..එක පැත්තක මහා වේදනාවක්..අනිත් පැත්තේ කදුළු..
"අය්යේ මන් අහන්න හිටියේ,,ඇයි ඔය එදා ජනේලේ ගාව අඩ අඩා හිටියේ?අඩ සින්දුව කිට්‍යද්දීත් මන් දැක්ක ඇස වල කදුළු?" 
හරිනේ...කෙල්ලට මට්ටු වෙලා..දැන් මන් මොකද්ද කියන්නේ?// 

තවත් දින තුනකින් හමුවෙමු ....

සටහන ....
දින දෙකක් පහු වීම ගැන සමාවෙන්න...ලියන්නා ටිකක් කාර්ය බහුල වූ නිසා මෙසේ ප්‍රමාද විය..!! ලියන්නා ඇමතීමට අවශ්‍ය නම් 0774602710 කතා කරන්න..!! ඔබේ අදහස් සැමවිටම ලියන්නා අගේ කරයි..!!

Tuesday, September 13, 2011

වස්සානයට තවත් කතාවක්...!!!

සිව්වෙනි දිගහැරුම....
                                              

                                වැස්ස නම් තවත් හුරතල් වේවි වහින පාටයි.මෙහෙම ගියොත් නුවරත් ගංවතුරට යට උනා කියල තමයි පත්තරේ යන්නේ.අහසට නම් වැහැල හරි නිදහස් වෙන්න පුළුවන්.එත් මට?හ්ම්ම්ම් ...දිග හුස්මක් පිට කරගෙන ඇදේ හාන්සි උනත් මේ මහා දවාලේ නින්ද යන්නේ  නැති නිසා මං ඉස්තෝප්පුවේ පුටුවට ගියේ පත්තරේ කියවන්න.මෙන්න යන කොටම එහා ගෙදර සුදු දුව මිදුලේ තෙමි තෙමි ඉන්නවා.සුදු ගවුම පිටින්.අය මෙහෙම කෙල්ල තෙමෙන්නේ ? මගේ හිතට මහා ප්රශ්නයක් උනා.කෝකටත් කියල වැට ගාවට ගිය.එතකොටයි කෙල්ල මාව දැක්කේ.පව් අප්පා.හොදටම තෙමිලා. ගෙදර වටෙට් ඉස්තෝප්පු කැල්ලක් නැති නිසා කෙල්ලට යන්න තැනකුත් නෑ.
"ගෙදර යතුර නැද්ද නංගි?" 
"අම්ම  යතුර තියන්නා අමතක වෙලා අය්යේ." එහෙම කියල කෙල්ල බිම බලා ගත්ත.කොච්චර අඩම්බර පාට උනත් කෙල්ලගේ හිත අහිංසකයි කියල මට තේරුනේ  වෙලාවේ.
"ඉන්න නංගි ඔහොම." මම ගෙට ගිහින් කුඩේ අරන් වටෙන් පැනල කෙල්ල ගාවට ගියා."යන් අපේ ගෙදර අම්ම එනකම්එහෙම කිව්වා විතරයි කෙල්ල බය උනා 
"බය වෙන්න එපා අපේ අම්ම ගෙදර ඉන්නවා." කෙල්ලගේ මුණ ලෝකේ තියන හොදම මල වගේ පිපුන.
"දෙන්න පොත් බැග් එක මට."
"එපා අය්යේ .මං එක ගන්නම්"
"පිස්සු නැතුව දෙන්න.ඔයා හොදටම තෙමිලා නේ"කුඩේ යට කෙල්ල අපු ගමන් මගේ හිත එක පාරටම නතර උනා.කුඩේ යටින් මෙහෙම සුවදක් විදගෙන ගියේ කොච්චර කාලෙකට පස්සෙද.දගකාර කමට වහින වැස්සක හීතලේ ගුලි වෙලා කුඩයක් යටින් යන්න ආස නැත්තේ කවුද?කවිෂ්කත් එක්ක  ඉස්සර යනකොට ඒ දුන හැගීමම අයෙත් මට අවේ ඇයිද කියන්න මන් දැනගෙන හිටියේ.එත් ඇස කෙවෙනි බොද වෙන බවනම් මට හොදටම දැනුන.
"අය්යේ යමුද?" කල්පනා කෙරුව මිසක් මම ගිහිල්ල නැනේ."හා යන් නංගි"ගෙට ගොඩ වෙනකොටම අම්ම දොරකොඩ ලග.
"වෙනදට වැස්සක් නෙමේ අහස කළු කලත් අදට වැටෙනා කෙනා මන්  බැලුව අද මේ කොහේ ගිහින්ද කියල.වැඩි වෙන්න පුතේ මන් තුවායක් ගේන්නම්"අපේ අම්මත් ඕනේ නැති වෙලවටමය් යෝකර් දාන්නේ.දැන් කෙල්ල හිතනවා ඇති මන් පැණි කමට එයාව එක්කගෙන ආව කියල.ඇත්තටම මම ඇයි ගියේ? හ්ම්ම්ම් ..කොහොම උනත් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනි කියල අපිට කිව්වේ අපේ law lecutre . ඒ lawyer කෙනෙක් උනාම.කමක් නෑ මේකත් එක්තර නඩුවක් තම කියල මම පැමිණිල්ල විබාග කරන්න ලෑස්ති උනා.
"මේ මේ මේ  නංගි ගේ නම මොකද්ද? "කෙල්ල  වතුර බිබී හිටියේ.එක පාරටම එකත් හිර උනා.
"අය නංගි මං වැරදි දෙයක් ද ඇහුවේ?"
"අනේ නෑ අය්යේ..මේ මේ නංගි කියල අහපු නිසයි හිර උනේ."මම අමානි වන්දනා."
"ශා ලස්සන නමක් නේ නංගි.."
"එක නේ නුවර මැණිකේ කෙනෙකුට ගැලපෙනම නම." අපොයි අපේ අම්මත් පිටියට අවේ වැරැදි වෙලාවටම නේ.ඒ දෙන්නට ඔප දුප කතා කර ගන්න කියල මං ඇවිත් ඇදෙන් හාන්සි උනා.අමානි...හරිම ආදරණිය නමක්.වන්දනා කියන කෑල්ල ඊට වඩා ලස්සනයි.අපේ අම්ම කිව්වා හරි නුවර කෙල්ලෙකුට ගැලපෙනම නම.
"පුතා මේ දුව යන්න හදන්නේ" මට එක ඇහුන විතරයි ඇදෙන් බැස්ස නෙමේ විසික් උනා වගේ.මම දුවල ඉස්සරහට ගිය.
"යන්නම් අය්යේ.ගොඩක් පින් කරපු උදව්වට."
"ආ...ඕක මොකද්ද නංගි..සුළු දෙයක්"පුංචි ඇස දෙකෙන් ලොකු හිනාවක් එක්ක මොකද්දෝ ආදරණිය බැල්මක් දීල අමානි යන්න ගිය.
ජීවතේ කොච්චර නම් දවස් මෙහෙම ගෙවෙන්න ඇත්තද?එත් අද නම් හරි පුදුම දවසක්. 

                                       උදේ පාන්දර දුවගෙන ගිහින් යන්තම් සෙනග නැති බස් එකක වාඩි උනා.වැව රවුම දිහා බලාගෙන යද්දී දැක්කේ කවිෂ්කලගේ කාර් එක නවත්තල තියනවා.යෙහානුත් ඇතුලේ හිටියා.මං ඉස්සර හිතන් හිටියේ වැව රවුමේ  කවිෂකත් එක්ක හුරතල් වෙන්න පුළුවන් මට විතරයි කියල.එත් මට වැරදිලා.එකම  කෙනාට උනත් කීප දෙනෙක් එක්ක වැව රවුමේ ආදරේ කරන්න පුළුවන්.එකට තහංචි නෑ.කවිෂ්කා ඉස්සරට වඩා මහත් වෙලා.කමක් නෑ යෙහාන්ට ගෙදරින් කැමති නිසා  ඒ ගොල්ලෝ සතුටෙන් ඉදියි.මං වගේ දුප්පත් එකෙක් යාලු කරන් ඉන්නවට වඩා එක හොදයි.ආදරෙත් අද කඩේ බදු ගානට විකිණිලා.මට පන්තියට යන්න හිතුනේ නෑ.මාලිගාවට යන්න මම පාර පනින්න හැදුව විතරයි කාර් එකක් අවා.නුලෙන් බේරුනේ.ඒ කවිෂ්කලගේ කාර් එක.මැරෙන්නද යකෝ යන්නේ  කියල යෙහාන් අහන්කොටයි කවිෂක මාව දැක්කේ.මං බිම බලාගෙන  පාර පාන්නේ මැරෙන්න තමයි යකෝ මට වෙලා තියෙන්නේ කියන්න බැරි කමට.

  තවත් තුන් දිනකින් හමුවෙමු ...!!!

Tuesday, September 6, 2011

වස්සානයට තවත් කතාවක්...!!!

          තෙවැනි දිගහැරුම .....


  මිට වැඩ හොදයි කඩුගන්නාවට ගිහින් පහලට පන්න නම්.වස ලැජ්ජාව.ආයේ බස් හෝල්ට් එක පැත්තේ ඇවිත් ඉවරයි..දැන් මෙලහකටත් අම්ම ගේ කනට news එක ගිහින් ඇති.
  උදේ වෙච්ච අකරතබ්බේ නිසා මට class එකට ගියත් හිතට upset .විබාගේ ඉවරඋන ගමන් law entrance කරන්න කියල අවේ අම්මගේ වදේට මිසක් නැතනම් මගේ එච්චර කැමැත්තක් තිබු නේ නෑ.ඉස්සර ඉදන් උසාවියේ නඩු කතා කරන්න මහා ආසාවක් තිබ්බ මගේ ඒ බලාපොරොත්තු නැති උනේ කොහොමද කියන්න මන් වත් දැනගෙන හිටියේ නෑ.ඒ අරමුණු වලින් පිරිණු ජිවිතයක් අහිමි වෙලා දැන් ඉබාගාතේ යනවද කියල මට හිතුන වාර ගැන නම් අනන්තයි.හ්ම්ම්ම්ම් ......මගේ හිත තවත් දුර යන එක සැරේට නැවතුනේ එක පාරටම දැකපු දෙයක් නිසා.
                      ෂා.............මුන් දෙන්න සෙට් වෙලානේ...මගෙත් කකුල් රිදෙනක්ම අසංකය බුස් හ්ලොට් ගැනේ තාප්පේ නේත්‍රා එක්ක යාලුවෙන්න.කොල්ලෙක් තමාගේ හිතේ තියන දේ කියා ගන්න කොච්චර මහන්සි වෙනවද කියල ඔය කෙල්ලෝ දන්නේ නෑ..කොහොම උනත් දැන් දෙන්න සෙට්.හ්ම්ම්ම්.....මේ ලෝකේ හැමෝටම වරදින්නෙත් නෑ..හැමෝටම හරි යන්නෙත් නෑ.. 
                             මගේ ඇස් වල කදුළු පිරිඋනේ මටත් නොදැනිම.මට කවිෂක මතක් උන..මගේ මුළු ජීවිතේම කැප කරලා දහසක් බලාපොරොත්තු තියාගෙන කරපු එකම ආදරේ..එකත් වැව රවුමේ හැපෙන එක රැලක් වෙලා දැන් වියැකිලා ගිහින්..
    "මචන්..මචන්.."අසංක මට කතා කරනවා..
"අයි බන් අඩන්නේ..?? දැන් ඕව අමතක් කරහන් බන්.ජිවිතේ අලුතෙන් පටන් ගනින්."
මත ආසයි බුන් මගේ ජිවිතේ අලුතෙන් හදා ගන්න.එත් ජීවිතය මට එකට ඉඩ දෙන්නේ නෑ බන්.මන් දන්නේ නෑ අයි කියන්න.මන් ජිව්තෙට වරදක් කරලා නෑ බන්.ආදරේ කරන එක වරදක්ද බන්..?? ආදරේ කරන්න ඕනේ අපේ හිතට හරි යන කෙනාටද..නැත්නම් මේ ලෝකේ මිනිස්සු මනින අනිත් මිනුම් වලින්ද?මට තෙර්න්නේ නෑ බන්.
"හරි හරි...දැන් ඕව වැඩක් නෑ.වරෙන් lecture එකට යන්න."

    නිතිය යනු මිනිසුන්ගේ බාහිර පැවැත්ම සිමා කරන කොන්දේසි වේ.එත් ආදරේදී   මිනිස්සු අනිත් අයගේ හිත්වල් සිමා කරන නීති දන්නේ කොහොමද?lecture එක යන අතර තුරේදී  මට කල්පනා උනේ එක.ඇයි මට කවිෂ්කව මතක් උනේ..වැව රවුම දිගේ ඇවිදන් යද්දී කල්පනා උනේ එක ගැනමයි. ඇයි එක පාරටම ආදරේ ගැන මතක් උනේ..අල්ලපු ගෙදරට ආපු කෙල්ලේ නිසාද?ම්ම්ම් ..එත් මන් ආයේ වෙන කාටවත් ආදරේ කරන්න සුදානම්ද..රිදුනු හිතක් බොහොම අමාරුවෙන් වත්තම් කරගෙන ජිවත් වෙන මම ආයේ හිත රිද්ද ගන්න තියෙන්නේ පුදුම බයක්.එක පණපිටින් ඉන්න මිනිහෙක් කපුවටත්  වේදනා බව දන්නේ හිත රිදුන අය විතරය්.

     අද මහා පුදුම දවසක්.කල්පනා කර එක ඇරෙන්න වෙන වැඩක් කළෙම නැද්ද කොහෙද..ඉස්සර වැව රවුමේ තඩි කුබුක් ගහ ගාව වැඩි වෙලා කවිෂ්කා එනකම් හිටපු හැටි මට මතක් උනා.
"මොකද  මේ හුරතලේ අද.." "අනේ සුවහස්..හැමදාම එන්නකෝ මාව බලන්න.."
"එහෙම කොහොමද ළමයෝ.මන් exam කරන්නේ නැද්ද?"
"මට ඔය නොදක ඉන්න බෑ සුවහස්.මට ඔයනතුව ඉන්න බෑ.මන් බොලද ඇති.එත්.."
      එහෙම කියපු ඔයා අද කොහෙද කවිෂ්කා?
ඇස් දෙකේ කදුළු බේරෙන්න ගත්තේ මටත් නොදැනිම..කාමරේ ජනේලෙන් එලිය බලන් ඉන්නකොට මන් දැක්කේ මන් දිහා කවුද බලන් ඉන්නවා වගේ/.අහ එහා ගෙදර සුදු දුව..මලා.මන් අඩනවා දැක්කද දන්නේ නෑ..ඉවරි නේ..අය මේ කෙල්ල දකින හැම වෙලාවේම මට මෙහෙම වෙන්නේ..කෙල්ල බලන් ඉදල ගියා.මන් අඩනව දකින්න ඇති.

       අදනම් උදේ පාන්දර ඇද ගත්තේ කොහොම හරි අර යක්ෂණියෝ ඉන්න බස් එකට කලින් එතනින් මාරු වෙන්න.හම්මෝ ඇති යන්තම් සුරන්ගනාවිත් නෑ.බස් එකක් අව නිසා මම දඩි බීඩි ගල නැග්ග.බස් එක ටික වෙලා නවත්තල තිබිල ඇද්දුව.දිවයලෝකේ වගේ මාර සුවදක් එක්ක කවුද ඇවිත් මගේ ලගින් වාඩි උනා.එහා ගෙදර සුදු දුව..අය දෙවියනේ මටම මෙහෙම කරන්නේ.දැන් ඉවරය් නේ අය්යා ඇයි ඊයේ ඇඩුවේ කියල ඇහුවොත්..මන් වරුවක් විත මුණ දිහා බල හිටපු නිසාද කොහෙද කෙල්ල බිම බලාගත්ත.එතකොටයි මගේ දැහැන බිදුනේ.
"ගූඩ් මොර්නින්ග් නංගි."
"මොර්නින්ග් අය්යා." අහික් මොර්නින්ග් විතරයි.මෙයාගේ ආඩම්බර.අල්මාරි ඇදල දුන්නට වත් සලකන්නේ නැනේ..
"නංගි මේ ..." කියල අහන්න හදනකොටම කෙල්ල නැගිටලා යන්න ගියා.මල බස් එක එයාගේ ස්කොලේ ගාවටම ඇවිත්..විනාඩි ක්ම මන් එය දිහා බලන් ඉදලද..?මට පිස්සුද..මන් මගෙන්ම අහගත්තෙ වෙන කෙනෙක් අහන්න කලින්..
කොහොම උනත් ඒ සුවදට නම් මගේ හිත ඇදිල ගියා.කවිෂ්කා ඉස්සර එනකොට මුළු වැව රවුමම සුවදයි.බැංකුවේ වැඩි වෙලා ඇත කදු දිහා බලන කොට මන් කලේ එයාගේ සුවද විදපු එක.සුවහස් උබ අයෙත් විද වන්නද හදන්නේ?


"මට ඉන්න තිබුන සද පැවුවානම්...
මට ඉන්න තිබුන තරු එලිය  දුන්නානම් 
මට ඉන්න තිබුන මගේ මුළු අහස කළුවර නොවුවානම්
මට ඉන්න තිබුන මගේ සිත නුබ සොර නොගියානම්..!!! "

 තවත් සිව් දිනකින් හමුවෙමු..!!!

Sunday, September 4, 2011

වස්සානයට තවත් කතාවක්...!!!


                                          දෙවැනි දිගහැරුම ....
 
                          දෙවතාවක් නෙමේ සිය සැරයක් බැලුවත් මට අමතක නොවෙන ඒ ඇස දෙක මෙන්න මන් ගාව.දෙය්යෝ දුන්න වගේ එහා ගෙදරට ඇවිත් තියෙන්නේ ඒ ඇස දෙක..ශා....!! ඔන්න ග්‍රහයා කැරකෙනවා පුතේ..ඒ අතරේ..!!
"පුතේ ....පුතේ...පුතේ.."
මලා අම්මා ගොඩක් වෙලා කතා කරලා.මම අර කෙල්ල දිහා බලන් ඉන්නවා දැක්කද දන්නේ නෑ..
"මොකද වෙලා තියෙන්නේ අම්ම?
"අනේ පුතේ මේ ඇන්ටිලගේ අල්මාරියක් අදින්න ගිහින් එක පෙරලිලා.පුතා ටිකක් උදව් ව්වෙන්නකෝ.." එතකොටය් දැක්කේ සුරගනාවියගේ  අම්මත් ඇවිත්.
"පුතාට කරදරයක්ද මන්දා?"  කරදරයක් ?මට? දෙය්යෝ මගේ දිහා බලල මේ කරපු උදව්ව මට කරදරක් නෙමේ ඇන්ටි කියල කියන්න හිතුනත් ඒ වෙනුවට
"අනේ නෑ ඇන්ටි.මම කරලා දෙන්නම්." එක කිව්වේ ඇන්ටිගේ දිහා බලාගෙන නම් නෙමේ.කෙල්ල දිහා බලාගෙන..ශික් එත් මෙයාගේ ආඩම්බර.එය අහක බලාගෙන හිටිය.මාත් ඉතින් සීගිරියේ බිතු සිතුවමක් දැක්ක වගේ මල පෙරේත කමට බලන්  හිටිය නේ..
ගෙදර නම් බාගෙට බාගයක්ම අස් කරලා.ලොකු අල්මාරි දෙකක් සලේ මැද.එකක් තල්පත ගැහුවා වගේ පොලවේ.ඇන්ටි සුරංගනාවී දිහා හිනාවක් දාල මං වැඩේට බැස්ස.මලා යකෝ මේක ඉස්සෙන්නේ නැනේ.දෙපාරක් විටර ට්‍රයි කර.එත් ගල වගේ.හෙළ වෙන්නෙම නෑ.
"තනියෙන් ඕක උස්සන්න බෑ පුතා.ඕක කොස් ලියෙන් හදපු එකක්.ඉන්න අපිත් උදව් වෙන්න."
හරිනේ වීරයා වෙන්න ගිහින් නොන්ඩි උනා.ශික් ඒ මදිවට කෙල්ලත් අහක බලන් හිනා වෙනවා..
එක නම් අල්මාරියක් නෙමේ.අල්මාරි රාජයෙක්.අම්මෝ බර.වෙන වැඩක් නැති නිසා වෙච්ච් නොන්දියට මටත් එතන වැඩි වෙලා ඉන්න හිතුනේ නෑ.ඒ නිසාම
"ඇන්ටි මම යන්නම් එහෙනම්"
"අනේ පුතේ එහෙම කොහොමද යන්නේ..tea එකක් බීල යන්න.සුදු දුව අය්යට tea එකක් හදන්න." 
සුදු දුව..හිනා වෙනකොට නම් සද මිදුලට වැඩිය වගේ..ඇස්වහක් කටවහක් නෑ..කෙල්ල නම් එකෙන්ම හැඩයි.පුංචි බෝරිච්චි දාපු ගවුමක් ඇදගෙන යනකොට තියන අහිංසක කම අද ඉන්න කෙල්ලන්ට තියනවද  කියලත් හිතෙනවා.කොහොම උනත් පෙන්න ඉන්නේ අන්ටියි මේ සුදු දුවයි විතරයි.මම එනිසමා විස්තර දැන ගන්න හිත ඇන්ටිත් එක්ක කතාවට බැස්සා.
"ඇනිටිලා කොහෙද?
"අහ් අපි බඩු අද්දව ගත්තට පුතාට විස්තරයක් වත් කිව්වේ නැනේ.අපි පුතේ මාතලේ.මහත්තයාගේ ගම මාතලේ.හදිස්සියේම මහත්තයට රට යන්න උනා.ඒ නිසා අපි එහෙ ගෙදර rent කරලා මෙහෙට ආව.මගේ දුව ස්කොලේ යන්නේ උසස් බාලිකාවට."
ඔය තියෙන්නේ.ශා...! ඇන්ටි මගේ හිතේ තිබ්බ සක සංකා සියල්ල දුරි බුත කල.ඒ එක්කම සුදු දුව tea එක හදාගෙන ආවා.ලජ්ජාවෙන් බිම බලාගෙන තේක දුන්න නිසා මමත් මොනවත් නොකිය එක ගත්තා.කටේ තිබ්බ විතරයි එක පාරටම කැස්සක් ඇවිත් තේ බිම.
"ඇයි පුතේ තේක රස නැද්ද?මෙය ගෙදරදී තේ හදන්නේ නෑ.ඔය අදමයි හැදුවේ."
"අප්පා එහෙමද..නෑ ඇන්ටි මට කැස්සක් ආවා.එකයි.sorry " එහෙම කියල කෙල්ල දිහා බැලුව.එතකොටත් අහක බලන් හිනා වෙනවා.මෙය මං අපු වෙලේ ඉදන් හිනා වෙනවා නේ.මොකද මන්ද.කෙල්ලට පිස්සුවත්ද.එත් පිස්සු නම් තේ හදන්න බැනේ.වෙන්න බෑ.හිතේ එකේ විකාර හිත හිත ඒ ගෙදරින් එලියට බැස්ස මම ගෙදර ඇවිත් කන්නාඩිය ගාවට ගිය.මල ඉවරයි නේ..කලබලේට t shirt එක දැන් ගිහින් තියෙන්නේ කණපිට.හපො මං වගේ බුරුවෙක්.දැන් කෙල්ල බඩ අල්ලන් හිනා වෙන්ව ඇති.නිදා ගන්න ගිහින් මට මතක් උනේ ඒ ඇස් දෙක.කවදාත් මං හිතුවේ නෑ ඒ ඇස් දෙක මට මුණ ගැහෙයි කියල.දළදා හාමුදුරුවන්ට පින් සිද්ද වෙන්න තමයි හැමදේම.හ්ම්ම් ..
                             වෙලාව 7 යි .ශික් අද නම්  හොදටම පරක්කුයි.කොහෙද මහා රෑ අනුන්ගේ ගෙවල් වල බඩු ඇද්ද නේ.වෙනදාටත් අයන් නොකරන නිසා පොඩි වෙච්ච අඩුම ගෙන මම එලියට බැස්ස.හපොයි.දැන් සෙට් වෙන්නේ ස්කොලේ ටියිම් එක.බස් එකේ කෙසේවෙතත් බස් කලක විතර එල්ලිලා යන්න පුළුවන්. හොල්ටෙක පැත්තට යනකොට දැක්කේ මෙන්න සද හෝල්ට් එකට ඇවිල්ල.අල්ලපු ගෙදර සුරංගනාවී සුදුවට සුදුවේ uniform එක ඇදගෙන කොණ්ඩ කරල් දෙකකුත් ගොතල.අම්මෝ ලස්සන.එතකොට මතක් උනේ ඊයේ රෑ කන පිට case එක.මං නොදැක්ක වගේ හෝල්ට් එකේ  පැත්තකින් හිටගත්තා.එතකොටම මෙන්න එනවා නුවර ctb එක.කෙල්ල එකේ නගින්න හදන්නේ.මාත් නොදැක්ක ගානට කෙල්ලගේ පස්සෙන් බස් එකට නගින්න දොරේ එල්ලුන විතරයි.
"මල්ලි මේකේ high school එකේ ගෑනු ළමයි විතරයි "කියල  කවුද කිව්වා.මං දොර ඇත ඇරියා.බස් එක මං පස්ස කරන ගියේ හොද සුමිහිරි හු නාදයක් සමගින්...!

තවත් තුන් දිනකින් ....!!!

Friday, September 2, 2011

වස්සානයට තවත් කතාවක්...!!!


                                                             සුළගට හිතල වෙච්ච ගත පුරාම අපුරු පහසක් දැනුනා.ජිවිතේ ගොඩක් ආස කරපු නුවර වැව රවුමට එන්න පෙරුම් පුරලා කොහොමහරි එකත් ඉෂ්ට කරගත්ත.තනිවෙච්චි ජීවිතය හරි පුදුම වාසනාවක්. හිත යන්න ආස කරන ඕනෑම තැනකට යන්න පුළුවන්.නුවර මගේ ආදරණිය මතකයන් කිහිපයක් දායාද කල ආදරනීය නගරය.සිතිවිලි අතරේ සැරිසරන විට හිතේ තවත් දේ ඇදෙන්නට පටන් ගත්තේ වැව රවුමේ බැංකුවක් මත ඉද ගත්තම.

එදා වැස්සේ නැති උනාට අහස හරියට කලුකරලා තිබ්බා.විගහට පේරාදෙණියේ බස් එක අල්ලගන්න මම වැව රවුමේ දිව්වා..එක පාරටම කොහේදෝ ඉදන් ආපු කෙනෙක් මගේ ඇගේ වැදුනා.
"sorry ...දැක්කේ නෑ මං.. "
මගේ විසිරිච්ච කොල ටික දැකල ඇය කිව්වා.එතකොටය් දැක්කේ සුදුවට ඇදගත්ත  පුංචි මැණිකේ කෙනෙක් මගේ ඇගේ හැප්පිලා කියල.. කෙල්ලව ටිකක් බයිට් කරන්න ඕනි.
"ම්ම්ම්ම් ...වෙච්ච පාඩුවට නම් sorry කියල බේරෙන්න නම් බෑ..මගේ වටිනා කොල වගයක්."
කෙල්ල ගේ මුණ වහින්න තිබ්බ අහසට වඩා කළු උනා.
"අනේ අය්යේ..මම හිතල නෙමේ හැප්පුනේ..මේ මේ.." කෙල්ල බය වෙලා හොදටම ගොත ගහනව..මේවා මායම් අහු වෙන්න එපා පුතේ කියලා හිතත් කියනව.එත් මේ තරම් අහිංසක මුණක් දිහා බලාගෙන කොහොමද තවත් බය කරන්නේ..
මාලිගාවට ගිහින් වැඩල එන කෙල්ල නේ මට තවත් බය කරන්න හිතුනේ නෑ. නිසාම "කමක් නෑ.එකට කමක් නෑ.." බිම වැටිච්ච් කොළ ටික දිහා බලල ඒක කියන ගමන් මම කෙල්ලගේ මුණ බැලුවා.මුණ බලන්න බලන්නක් තියා ඇන්ටි කෙනෙක්වත් හිටියේ නෑ..ඈත වැව රවුමේ දුවල යන එයාව දැක්කේ එතකොටයි .බිම වැටිච්ච කොළ ටිකත් අහුලාගෙන මම යන්න ආව.
ගෙදර ගාව බහිනකොටම අල්ලපු ගෙදර අන්කල් දුවගෙන ආව.වෙනදට මහා ආඩම්බරෙන් ඔරවාගෙන ඉන්න මෙය මොකද අද ලිබියාවට ආධාර දෙන්න වගේ මගේ දිහා බලන්නේ කියල මං බැලුවා
"අනේ පුතේ ඔයා ආපු එක ලොකු දෙයක්.යන් යන් ඉක්මනට යන්" කියල මාව ඇදගෙන ගියා.."ඇයි අන්කල් ?මොකද්ද අවුල"
අද කලේ අන්කල්ලවත් sure කරන්න බැරි නිසා මං ඇහුව.."මාර වැඩේ පුතා.අපේ ගෙදර rent out එකට ගත්ත අයගේ lorry එක මග නැවතිලා..පොඩි help එකක් දෙනවද lorry එක තල්ලු කරන්න."
පුදුම සනීපයි.හවස කෙල්ලෙක් මගේ පොත් ටිකත් පෙරලගෙන දිව්වා..දැන් පර මග හිටපු lorry ත් තල්ලු කරන්න වෙලා.බෑ කියන්න බැරි කමට මාත් වැඩේට බැස්සා.  
හවස වෙච්ච හරිම සනීප දේවල් නිසා මගේ ඔලුවත් කකියන්න වගේ.නිදා ගන්න කියල අදට ආවත් නින්ද එන්නේ නෑ.ඇයි මේ.ඇස දෙක පිය උන අතරේ මට නවත්ත ඇස දෙක මතක් උනා.එදා මාලිගාවේදී ඇස දෙක විතරක් දැක්කට මට එයාව හරියට බලාගන්න බැරි උනේ මගේ පවකට කියල හිතුන වාර ගැන අනන්තයි.එත් ඇස දෙක නම් ගලේ කෙටුව වගේ හිතේ ඇදුනේ මටත් නොදනිම.හ්ම්ම්..එත් අම්ම කියනව වගේ අද කාලේ ගැණු ළමයෙක් බලන්න හරි මාලිගාවට අපි වගේ කොල්ලෝ යන එක පිනක් කියන එකේ තේරුම අද තමය් තේරුනේ.එක නම් පිනක් තමයි.නින්ද ගෙන එනකොටම ඇහුන මහා සද්දෙන් මම උඩ ගිහිල්ල බිම වැටුන..
"අම්ම මොකද්ද සද්දේ?" කියාගෙන මම ඇදෙන විගහට බැහැල එලියට ගියා."එහා ගෙදරින් තම  ඇහුනේ පුතා.කරදරයක්ද දන්නේ නෑ."එහෙම කියාගෙන අම්ම පැත්තට ගියා.මේ මොන මගුලක්ද කියල කියා කියා මත පැත්තට යනකොට දැකපු දෙයින් මං ගල් උනා.

 තවත් දින තුනකින් හමුවෙමු..!!!