නිදහසේ හිතන්න ,නිදහසේ ලියන්න ඔබේ මනසත් මානසික ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඇත්නම් අවසරයි මගේ බිම් කොටසේ සැරිසරන්න

Sunday, September 19, 2010

මරල කැපීම සහ කපලා මැරීම

                      මේක ටිකක් බැලූ බැල්මට එක සමාන වචන කිහිපයක්..හැබැයි මට දැනිච්ච ඊට වඩා වෙනස් දෙයක් තියනවා.මේ දෙක දෙකක්.එකක් අයහපත් චේතනාවකින්,අනික ජිවත් වෙන්න එක කරන්න වෙනවා...මේ වගේ දේවල් ගැන කතිකාවතක් ගොඩ නගන්න මගේ බිම් අගලේ මං ලෑස්තියි ...මොකද්ද මේ කැපිල්ල ??

01.  කපල මැරීම 
       සාමාන්‍ය ජන ජිවිතයේ මිනිස්සු මේ දේ කරනවා බොහොම අඩුයි.හැබැයි  තාමත් මේ රටේ ඉන්න කාලකන්නි ටිකක් මේ වැඩේ කරනවා.කපල මරන්න නම් ඒ මරණ දේට ජීවයක් තියෙන්න ඕන.ඒ කියන්නේ ඔය පාතාලෙන්,ගම වල පොඩි ගෝරි ගියාම බොරු චන්ඩි ඇදල අරන් බෙලි,අතපය කපන්නේ නිකන් චීස්,බටර් වගේ....ඒ කරන්නේ ඕක තමයි.ඒ කියන්නේ පිහියකින් කපල මරන්නත් පුළුවන්....!!!!! 

02.මරල කැපීම 
        ගෙදර කුස්සියේ ඉන්න අපේ අම්මල,උයන පියන උදවිය කරන්නේ මේක තමයි.ඒ කියන්නේ ජීවයක් නැති උන දෙයක් පිහියකින් කැපීම.එළවලු,මාළු, ඉදල පශ්චාත් මරණ පරීක්ෂක මල මිනියක් කැපීම දක්වා මේකට අයත් වෙනවා.ඒ කියන්නේ අපි පිහියකින් මරලත් කපනවා නේ...???

                 මේ ලෝකේ අපි හිතුවේ නැති උනාට ලගින් තියන් ඉන්න ගොඩක් දේවල් වලින් අපි කරන වැඩ අපිවත් දන්නේ නෑ..මෙහෙම ගියොත් පිහියෙන් කපලත් බෑ...නොකපත් බෑ.........   




1 comment:

  1. බ්ලොග් එකේ them එක වෙනස් කරොත් අකුරු පැහැදිලි වෙයි...

    ReplyDelete