සංදේශ මේ දවස්වල ටිකේම ගත කරන්නේ හරි කලබල කාරී ජිවිතයක්. ඒ උනාට කාමරේ නම් හරි පිළිවෙලය.වෙනදට ඉර පායනවද.බහිනවද කියල දන්නේ නැති කෙනා මේ දවස් ටිකේම උදෙන්ම නැගිටිනවා.කොහොමත් සුරංගි මේ දවස ටිකේම ඇවිදින් සංදේශගේ අඩුපාඩුකම් හොයල් බැලුව නිසයි කාමරේ පිළිවෙල.
ජිවිතේ ගත්තු බොහෝ තීරණ වරද්දගෙන වැටුණු වලකින් ගොඩ එන්න ඕන කියන අදිෂ්ටානය පෙඅරටුව දනට් මස අටකට් පමණ පෙර කොළබ ආපු මට නවතින්න තැනක් හොයා හොයා යද්දී හම්බ උනේ සන්දෙෂ්ගේ කාමරය.කෙටි කලක් වුවත් හොද සගයෙක් වෙච්ච සංදේශ් ටිකක් සෙල්ලක්කාර ජිවිතයක් ගත කලේ..වත්පොහොසත්කම්,යාන වාහන අඩු නැති සංදෙශ්ස්ට ඊටම සරිලන පොහොසත් කෙල්ලෙක් වෙච්ච සුරංගි නිසා යම් පාලනයක් ඇතිව ජිවත් උනා.මේ දවස ටිකේම මිනිහ කදීය වගේ දුවන්නේ එයාගේ උපන් දිනය නිසා බව දැනගෙන හිටියා.සංදේශ් මේ පර උපන් දිනය ජයටම ගන්න ලෑස්ති කරලා ඉවරයි.
ජනේලෙන් එලිය බලපු මට දිග හුස්මක් පිට උනේ මේ අයගේ ජිවිත හරි පුදුමාකරය් නේද කියල හිතුන නිසා.උපන්දින සාද,විනෝදය,වගකීම් විරහිත ජිවිත,සතුට හැමදේම මේ යට තියනවා.මම අන්තිමට් මගේ උපන්දිනය සාදයක් මට අවුරුදු 5 පමණ වයසේදී ගත්ත බව මතකය.එය සාදයක් නම් වුවද අසලවසි නැන්දා කෙනෙක් කේක්එකක් සාදා ඉතිරි වූ බඩු වලින් සෑදු කේක් ගෙඩියක් පවුලේ සාමාජිකයන් හා එක්ව කැපූ බව යන්තමට මතකයේ තිබේ.ඊට පසුව එවැනි අවස්ථාවලට බෙහෙවින් ආශා කලත් ආස කරන හැමදේම හිමිනොවන නිසා එවනි ආශාවන් මගේ හිතෙන ශේෂවී බොහෝ කල්ය.
සංදේශ්ගේ යුද්දය අවසන් විය.අද ඔහුගේ උපන්දිනයයි.ඉඩ ලැබෙන හැම වෙලාවකම මත හැකිපමනින් උදව් කල නිසා ඔහු අද තරමක් සැහැල්ලුවෙනි.හරියටම හවස 4 ට එන්න කියා සුරංගි සමග දහවල් වාහනයට නැග්ග සංදෙෂ්ගේ කියූ බව මතක් වූ නිසා තුනේ කණිසම වැදෙද්දී මමත් විගහට් ලෑස්ති වන්නට ගියෙමි.ඇදුම් බාගය ලගට ගියත් අවුරුදු ගානකින් අලුත් ඇදුමක සුවද පවා නොවැඩුණු මාගේ ඇදුම් ගොනුවේ තිබෙන ඇදුම් කෙතරම් දුරට ගැලපේද යන ප්රශ්නාර්ථය පෙරටුව මෙයට වසර ගණනාවකට පෙර මටත් වැඩ වෙන අයෙක් බෙහෙවින් ආදරය කල සුපුරුදු අඩුම ඇගලාගෙන පිටත් වුනෙමි.
සාදය ප්රසිද්ද හෝටලයකය.මෙය අපේ ගමේ මගුල් උත්සවයක් බදුය.සුරංගි විසින් සෑදු අලංකාර කේක් එක කැපීමේ මොහොත උදා විය..සංදෙෂ්ගේ යාලු මිත්රාදීන් පිරිවරා එය සිදු කරද්දී මගේ ජංගම දුරකථනය නොනවත්වා නාද විය..
"අම්මා...මම සංදෙෂ්ගේ පාටියේ...රැට මෙහෙන් කනවා..කැපූ ගමන් බොර්දීමට යන්නම් අම්මේ..කමක්........."
ඊට වැඩ කියන්න සැරසෙද්දී අම්මා,,,,,,,,,,
"පුතේ...අද උබේ උපන් දිනය කියල මතක නැද්ද??මේ නංගිගේ ෆෝන් එකට දැනුයි සල්ලි දාගත්තේ..................."
ඉතිරිය හීනෙන් මෙන් මට ඇසුනි..දස කදුලෙන් පිරි ගියේය.මුළු ලෝකයම නතර වූවාක් මෙනි..අද මගේ උපන් දිනේ.හ්ම්ම්ම්...මගේ ජිවිතේ තියන ප්රශ්න මා ඉප දුන දවස පවා මට සිහිනොවෙන්නට වග බලාගෙන තියන හැටි.සුපුරුදු පරිදි දිග සුසුමකින් හිත සැහැල්ලු නොවුනත් ඊට වැඩ මට කල හැකි යමක් නොමැති විය.සංදේශ් ලගට එනු පෙනුන නිසා මම,,,
සුබ උපන්දිනයක් මචං....



