නිදහසේ හිතන්න ,නිදහසේ ලියන්න ඔබේ මනසත් මානසික ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඇත්නම් අවසරයි මගේ බිම් කොටසේ සැරිසරන්න

Thursday, September 30, 2010

උපන් දිනය



                             සංදේශ මේ දවස්වල ටිකේම ගත කරන්නේ හරි කලබල කාරී ජිවිතයක්. ඒ උනාට කාමරේ නම් හරි පිළිවෙලය.වෙනදට ඉර පායනවද.බහිනවද කියල දන්නේ නැති කෙනා මේ දවස් ටිකේම උදෙන්ම නැගිටිනවා.කොහොමත් සුරංගි මේ දවස ටිකේම ඇවිදින් සංදේශගේ අඩුපාඩුකම් හොයල් බැලුව නිසයි කාමරේ පිළිවෙල.
                               ජිවිතේ ගත්තු බොහෝ තීරණ වරද්දගෙන වැටුණු වලකින් ගොඩ එන්න ඕන කියන අදිෂ්ටානය පෙඅරටුව දනට් මස අටකට් පමණ පෙර කොළබ ආපු මට නවතින්න තැනක් හොයා හොයා යද්දී හම්බ උනේ සන්දෙෂ්ගේ කාමරය.කෙටි කලක් වුවත් හොද සගයෙක් වෙච්ච සංදේශ් ටිකක් සෙල්ලක්කාර ජිවිතයක් ගත කලේ..වත්පොහොසත්කම්,යාන වාහන අඩු නැති සංදෙශ්ස්ට ඊටම සරිලන පොහොසත් කෙල්ලෙක් වෙච්ච සුරංගි නිසා යම් පාලනයක් ඇතිව ජිවත් උනා.මේ දවස ටිකේම මිනිහ කදීය වගේ දුවන්නේ එයාගේ උපන් දිනය නිසා බව දැනගෙන හිටියා.සංදේශ් මේ පර උපන් දිනය ජයටම ගන්න ලෑස්ති කරලා ඉවරයි.
                ජනේලෙන් එලිය බලපු මට දිග හුස්මක් පිට උනේ මේ අයගේ ජිවිත හරි පුදුමාකරය් නේද කියල හිතුන නිසා.උපන්දින සාද,විනෝදය,වගකීම් විරහිත ජිවිත,සතුට හැමදේම මේ යට තියනවා.මම අන්තිමට් මගේ උපන්දිනය සාදයක් මට අවුරුදු 5 පමණ වයසේදී ගත්ත බව මතකය.එය සාදයක් නම් වුවද අසලවසි නැන්දා කෙනෙක් කේක්එකක් සාදා ඉතිරි වූ බඩු වලින් සෑදු කේක් ගෙඩියක් පවුලේ සාමාජිකයන් හා එක්ව කැපූ බව යන්තමට මතකයේ තිබේ.ඊට පසුව එවැනි අවස්ථාවලට බෙහෙවින් ආශා කලත් ආස කරන හැමදේම හිමිනොවන නිසා එවනි ආශාවන් මගේ හිතෙන ශේෂවී බොහෝ කල්ය.  
                      සංදේශ්ගේ යුද්දය අවසන් විය.අද ඔහුගේ උපන්දිනයයි.ඉඩ ලැබෙන හැම වෙලාවකම මත හැකිපමනින් උදව් කල නිසා ඔහු අද තරමක් සැහැල්ලුවෙනි.හරියටම හවස 4 ට එන්න කියා සුරංගි සමග දහවල් වාහනයට නැග්ග සංදෙෂ්ගේ කියූ බව මතක් වූ නිසා තුනේ කණිසම වැදෙද්දී මමත් විගහට් ලෑස්ති වන්නට ගියෙමි.ඇදුම් බාගය ලගට ගියත් අවුරුදු ගානකින් අලුත් ඇදුමක සුවද පවා නොවැඩුණු මාගේ ඇදුම් ගොනුවේ තිබෙන ඇදුම් කෙතරම් දුරට ගැලපේද යන ප්‍රශ්නාර්ථය පෙරටුව මෙයට වසර ගණනාවකට පෙර මටත් වැඩ වෙන අයෙක් බෙහෙවින් ආදරය කල සුපුරුදු අඩුම ඇගලාගෙන පිටත් වුනෙමි.  
                                 සාදය ප්‍රසිද්ද හෝටලයකය.මෙය අපේ ගමේ මගුල් උත්සවයක් බදුය.සුරංගි විසින් සෑදු අලංකාර කේක් එක කැපීමේ මොහොත උදා විය..සංදෙෂ්ගේ යාලු මිත්‍රාදීන් පිරිවරා එය සිදු කරද්දී මගේ ජංගම දුරකථනය නොනවත්වා නාද විය..
        "අම්මා...මම සංදෙෂ්ගේ පාටියේ...රැට මෙහෙන් කනවා..කැපූ ගමන් බොර්දීමට යන්නම් අම්මේ..කමක්........."
  ඊට වැඩ කියන්න සැරසෙද්දී අම්මා,,,,,,,,,, 
          "පුතේ...අද උබේ උපන් දිනය කියල මතක නැද්ද??මේ නංගිගේ ෆෝන් එකට දැනුයි සල්ලි දාගත්තේ..................."
ඉතිරිය හීනෙන් මෙන් මට ඇසුනි..දස කදුලෙන් පිරි ගියේය.මුළු ලෝකයම නතර වූවාක් මෙනි..අද මගේ උපන් දිනේ.හ්ම්ම්ම්...මගේ ජිවිතේ තියන ප්‍රශ්න මා ඉප දුන දවස පවා මට සිහිනොවෙන්නට වග බලාගෙන තියන හැටි.සුපුරුදු පරිදි දිග සුසුමකින් හිත සැහැල්ලු නොවුනත් ඊට වැඩ මට කල හැකි යමක් නොමැති විය.සංදේශ් ලගට එනු පෙනුන නිසා මම,,,
                                                සුබ උපන්දිනයක් මචං....

Monday, September 20, 2010

කොන්ඩේ නමැති සංසාරික බැදීම.....!!!!


                 මම අද ස්නානය සදහා හා හා පුරා කියල ගිය විතරයි විසල මහා නුවර තුන් බිය වගේ අපේ අම්මා මර ලතෝනි දෙන්න ගත්ත...බැලින්නම් මගේ කොණ්ඩෙට.අපේ අම්ම හිතන් ඉන්නේ කොන්ඩේ වවන්නේ රස්තියාදුකාරයෝ කියල.යකෝ....බලන් ගියාම මේ රටේ මානව හිමිකම් වැඩිපුර විදින්නේ උන්නේ.හැබය් අපේ අම්මට නෙමේ ගොඩක් යට අමතක උන කාරණයක් තියනවා.ඒ තමයි අපේ ආර්ය සිංහලයෝ ඒ කලේ ඉදල දිගට කොන්ඩේ වැව්වා..ඒ විලාසිතාවට නම් නෙමේ.එක තමයි අපේ අනන්‍යතාවය.සටන් වලදී කොණ්ඩය නිසා සතුරාට හරි හැටි ඉලක්කගත ප්‍රහාර එල්ල කරන්න බැරි උනා.මේ අහන හිටපු අපේ අම්ම කියනවා අනේ ඉතින් උබට කවුද බන් ඉලක්කගත ප්‍රහාර එල්ල කරන්නේ..ඔය කටු සරිරේට පිම්බත් ඇතිලු.මොන කරන්නද අම්මනේ ...
                          ඔය අතරේ මට අපේ එකෙක් කියනවා උගේ ගැණු පරානෙත් කැමති නළු කොන්ඩේ වවනවට.මන් ඇහුව උබේ කොන්ඩේයි ඒකිගේ ආදරෙයි අතරේ තියන සම්බන්දෙ මොකක්ද කියල.. උ කියනවා විජය කුමාරයාට කුවේණි බූට් එක තිබ්බෙත් උගේ කොන්ඩේ අවුලක් නිසාලු...අනේ අම්මප අපේ ඉන්න එවුන්ගේ ජාතකේ ඉතිහාසය කියල නාමය ගෑවිලාවත් නෑ.  කොහොම හරි කොන්ඩේ හරි තීරණාත්මක සාදකයක් ගෙදර බත් පත පවා තීරණය වෙන..ඒක මට තේරුනේ අපේ අම්ම උබ කොන්ඩේ කපන එනකම් මේ ගෙදරින් තොට බත් නෑ කියපු වෙලේ...අමු අමු වේ මගේ මානව හිමිකම් උල්ලංගනය බටහිර ජාතීනට පෙනේවා කියල මන් පාරට බැස්ස.UN එක ඉස්සරහ සත්‍යක්ග්‍රහයක් කරන්නත් හිතුනා.එත් මේ තාම තනිකඩ මට වතුර පොවන්න එන්න ඉන්නේ එකේ වැඩ කරන සික්ක විතරයි නිසා වැඩේ අල්ලලා දැම්මා.
                   මේ ලගදි මගේ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් අඩ අඩ කතා කළා.මන් ඇහුව ඇයි කියල.ඇන්ටි කියනවා එයාගේ පුතා,මගේ යාළුවා කොලබ කෙල්ලෙක් එක්ක ඇවිදිනවලු. එක හරියට අපිත් එක්ක ඉදපු එකා ඉල්ලා අස්වීමේ ලිපිය දීල යන්නේ නෑ කියල අනිත් පක්ෂෙට ගියා වගේ  සහ ගහන අපරාදයක්.යකෝ අපිත් එක්ක මේ එකට වැඩ කර කර ඉන්න එකාට විපක්ෂය සෙට් උනේ කොහොමද කියල අපි පාර්ලිමේන්තු තේරීම් කාරක සැබෑවක් පත් කළා.

        එකේ ආපු ප්‍රතිසන්විදාන වාර්තාවට අනුව අපිට වෙච්ච දේ නිච්චියට මීටර් උනා.දවසක් අපි කොලොම් තොටේ ඇවිදින්න ගියා..මගේ යාළුවා ගමේ එකා.මුට කොලොම් සිරි පෙන්න පෙන්න යනකොට මුන්ගේ ගමේ එකෙක් බස් එකක ගිහිල්ල මුව දැකල.නිකන් නෙමේ,කෙල්ලෙක්ගෙ කරට අත දා ගෙන යනව..මොන අම්මටද මේ වගේ දෙයක් කන වැකුනම උහුලන්න පුළුවන්..හරියට මහා රජාගේ දැත සක්තිමත් නෑ කියල ආණ්ඩුවට පයින උදවියගේ හිතේ තියන දුක වගේමයි.. වහාම අපි සොයා බැලුව මුගේ පහස විදින්න නහය වහන් ආපු ලලනාව කවුද කියල...බැලින්නම් ඒ අපේ දනුෂ්කය...උගේ කොන්ඩෙත් හැතම්මයක් විතර දිග නිසා අර දැකපු ගමේ පොර හිතල තියෙන්නේ කෙල්ලෙක්  කියල. මේක දන ගනිපු දනුෂ්කගේ ප්‍රියම්බිකාව දැනටමත් උට විශ්වසබන්ගයක් ගෙනල්ල.අන්තිමේ සේරටම මුල කොණ්ඩයක්....   
   
                මේ වගේ තව කොන්ඩේ ගැන,තව සරිරේ ප්‍රසිද්දියේ ලියන්න පුළුවන් දේවල් ගැන මගේ බිම අගලේ දාන්නම් හොදේ...!!!!!!!
මගේ බිම් අගලේ තමන්ගේ අදහස් බෙදා ගන්නට කැමතිවු තවත් ලියන්නෙක්....!!!
REALITY
days are running
and
days have run away
like nothing in the world..
like no day in the world..
looking to your eyes..
hoping to look into your eyes...
i would have thought
u would have thought
that our dreams would come true
oh..golly...
reality..
which i totally forgot
is right infront of me
and now
i'm looking deeply into my eyes
and i see the warning
we are not meant to be together..
thank you reality..
for making me fall once and once again only with you!!!



 

Sunday, September 19, 2010

මරල කැපීම සහ කපලා මැරීම

                      මේක ටිකක් බැලූ බැල්මට එක සමාන වචන කිහිපයක්..හැබැයි මට දැනිච්ච ඊට වඩා වෙනස් දෙයක් තියනවා.මේ දෙක දෙකක්.එකක් අයහපත් චේතනාවකින්,අනික ජිවත් වෙන්න එක කරන්න වෙනවා...මේ වගේ දේවල් ගැන කතිකාවතක් ගොඩ නගන්න මගේ බිම් අගලේ මං ලෑස්තියි ...මොකද්ද මේ කැපිල්ල ??

01.  කපල මැරීම 
       සාමාන්‍ය ජන ජිවිතයේ මිනිස්සු මේ දේ කරනවා බොහොම අඩුයි.හැබැයි  තාමත් මේ රටේ ඉන්න කාලකන්නි ටිකක් මේ වැඩේ කරනවා.කපල මරන්න නම් ඒ මරණ දේට ජීවයක් තියෙන්න ඕන.ඒ කියන්නේ ඔය පාතාලෙන්,ගම වල පොඩි ගෝරි ගියාම බොරු චන්ඩි ඇදල අරන් බෙලි,අතපය කපන්නේ නිකන් චීස්,බටර් වගේ....ඒ කරන්නේ ඕක තමයි.ඒ කියන්නේ පිහියකින් කපල මරන්නත් පුළුවන්....!!!!! 

02.මරල කැපීම 
        ගෙදර කුස්සියේ ඉන්න අපේ අම්මල,උයන පියන උදවිය කරන්නේ මේක තමයි.ඒ කියන්නේ ජීවයක් නැති උන දෙයක් පිහියකින් කැපීම.එළවලු,මාළු, ඉදල පශ්චාත් මරණ පරීක්ෂක මල මිනියක් කැපීම දක්වා මේකට අයත් වෙනවා.ඒ කියන්නේ අපි පිහියකින් මරලත් කපනවා නේ...???

                 මේ ලෝකේ අපි හිතුවේ නැති උනාට ලගින් තියන් ඉන්න ගොඩක් දේවල් වලින් අපි කරන වැඩ අපිවත් දන්නේ නෑ..මෙහෙම ගියොත් පිහියෙන් කපලත් බෑ...නොකපත් බෑ.........   




අපේ බෝඩිම

      අපි හැමෝටම ගෙදර ඇරෙන්න වෙන හොද තැනක් තියනවද?ගොඩක් අයට එහෙම නැ..එත් AL කරන කාලේඅපේ සෙට් එකේ 4 කට  සෙට් උන ෆුල් ආතල් බෝඩිමක් ගැනයි මේ කතාව....    


           මායි,රුසිරුවයි Al කරන කාලේ අනාත වෙලා පාරට බහින්න සිද්ද වෙනකොට අපේ ගෙවල් වල හොදකමට ඔන්න ස්කොලේ ගාවම තැනක් සෙට් උනා. ඔන්න ඉතින් එකම හිතින් Al සරණයි කියල හිතන් ඉන්නකොට ගෙවල් දොරවල් යස අගේට තිබ්බ එක්සත් ජනපදය  තමන්ගේ නිජ භූමිය කර ගත්ත චානක වේරගොඩ නමැති ග්‍රහයා අපේ කේන්දර වල නීච උනා.ඉන්න හිටින්න තැනක් යස අගේට තිබ්බ උ අපේ අම්බලමටම  රිංගුවා.
                 එතැන් සිට රස කතා සෑම සතියකම සයිබර් ලියන්නා කියන්න සුදානම්.   

මට දැනෙන ආදරේ

සුළගේ මුසු වෙලා නිදහසේ පියබලා ....

සෙනෙහසේ කවුළුවෙන් හොරෙන් ඇතුලට වෙලා......
   
දැවෙටෙමින් මුදු පහසේ සීතලට ගුලි වෙලා ......

අනේ ඉන්නට ඇත්නම් ඔබ ලගින් සැතපිලා............  

පුවතක්

            හම්බන්තොට වරායේ ජලය පිරවීම පෙරීදා සිට ආරම්භ කර ඇත...! ඒ අනුව මෙයට පෙර පැවතියේ නැකතට ජලය පිරවීමය.තව මසක් පමණ කාලයක් මෙකී ජල පිරවීම සිදු වනු ඇතයි පැවසේ.මේ දිනවල දිස්ත්‍රික්කයට ඇදහැලෙන වර්ෂාව නිසා යම් යම් බාධාවන්ද ඇතිවී ඇත.     

මමත් සයිබර් අවකාශයේ ලියන්නෙක්මි............

                         පරිනාමනයෙන් පස්සේ මේ ලෝකේ බුද්ධිමත් මිනිස්සු එකේක දේවල් හොයාගත්ත.ඒ අතරේ අන්තර්ජාලය නම් වූ විශ්වීය සංකල්පය නිසාවෙන් ලැබුන හොද නරක කෙසේ වෙතත්{ පිහියකින් මරල කැපීම සහ කපල මැරීම කියන දෙකම තියනවානේ } ඒ නිසාවෙන් ගෝලීයකරණය නිසාවෙන් කාර්යබහුල වෙච්චි අපේ උදවියේ හිතේ තියන දේවල් ටික පිට කරන්න මෙහෙම හරි දෙයක් හොයා ගත්ත එක ගැන තියෙන්නේ කියා ගන්න බැරි හැගීමක්. ඒ නිසාවෙන් අපි කතා කරමු.නිදහසේ සැරිසරමු.
       මාව දන්නා අයට,නොදන්නා අයට ඕනෑම කෙනෙක්ට මගේ ඉඩමේ සැරිසරන්න අවසරයි...!!!!!!!!

මම අචල හොරණ........!!!!!!